
මත්ද්‍රව්‍ය නිවාරණ දහම් ගුරු පුහුණු වැඩසටහන – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
දෙසැම්බර් 19th, 2022මත්ද්‍රව්‍ය නිවාරණ දහම් ගුරු පුහුණු වැඩසටහන – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
දහම් පාසල් ගුරු භවතුන් මත්ද්‍රව්‍ය නිවාරණය සබැඳි සම්පත්දායකයින් ලෙස පුහුණු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනෙහි ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහන 2022.12.18 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී දවස පුරා පැවැත්විණි. ඒ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ හා දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙනි. වැඩසටහන මෙහෙයවීම හා ප්‍රධාන පුහුණු වැඩමුළුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී එන්.ආර්. අමරසිංහ මහතා විසින් සිදුකරන ලදි. මෙහිදී දහම් ගුරුවරයා මත්ද්‍රව්‍ය නිවාරණය සමාජගත කලයුතු ආකාරය, දරුවන් හා දෙමාපියන් වශයෙන් අදියර දෙකක් ඔස්සේ පුහුණු කරන ලදි.