මධ්‍යම සංස්කෘතික අරමුදල, රම්බා විහාර කෞතුකාගාරය දේශීය හා විදේශීය ජනතාව වෙත විවෘත කෙරිණි…
ජූලි 27th, 2024මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන රම්බා විහාරයේ සිදු කරන ලද කැණීම් මඟින් අනාවරණය කරගන්නා ලද පුරාවිද්‍යාත්මක සහ පැරණි වාස්තු විද්‍යාත්මක නටබුන් සහ මානව කෘති සංරක්ෂණය කර ප්‍රදර්ශනය කිරීම උදෙසා ඉදිකරනු ලැබූ කෞතුකාගාරය 2024.07.27 වන දින දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, අතිරේක අධ්යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතා, පඬුවස්නුවර, රම්බා විහාර, ගාල්ල සහ මාතර ව්‍යාපෘති කළමනාකරුවන් සහ ස්ථානභාර නිලධාරින් ඇතුළු රම්බා විහාර ව්‍යාපෘතියේ කාර්යයමණ්ඩලය සහභාගි විය.