
මහජන චීන සමූහාණ්ඩුවේ Xian පළාතේ දී ආසියාවේ සංස්කෘතික උරුමයන් සඳහා වූ සන්ධානයේ ආරම්භක උත්සවය අප්‍රේල් 24 දා පැවැත්වුණි…
අප්‍රේල් 26th, 2023මහජන චීන සමූහාණ්ඩුවේ Xian පළාතේ දී ආසියාවේ සංස්කෘතික උරුමයන් සඳහා වූ සන්ධානයේ ආරම්භක උත්සවය අප්‍රේල් 24 දා පැවැත්වුි. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මේ සඳහා සහභාගී වීමට නියමිතව සිටිය ද නොවැලැක්විය හැකි හේතුවක් නිසා සහභාගී වීමට නොහැකි වූ අතර එම නිසා සිය රූප ගත කළ වීඩියෝවක් මගින් උත්සව සභාව අමතන ලදී.
මෙහි දී ආසියානු ජාතීන් අතර සුහදත්වය මෙන්ම සමීප සංස්කෘතික සබඳතා පිලිබඳව කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා, සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කිරීම, කෞතුකාගාර ප්‍රතිසංස්කරණය, රාජතාන්ත්‍රික සබඳතා සංස්කෘතිකමය වශයෙන් තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කරණ ලදී.