මහනුවර, ගඟඉහළ කෝරළය සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රදේශයේ ආරාධිත ප්‍රවීණ කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට.

නොවැම්බර් 15th, 2022

මහනුවර, ගඟඉහළ කෝරළය සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රදේශයේ ආරාධිත ප්‍රවීණ කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට.

207 වන සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ, ගඟඉහළකෝරයේ, කුරුඳුවත්ත පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය (12) දා ජනතා අයිතියට පත් කෙරුණි.

මෙහි දී අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් උත්සවය වෙත පැමිණි ආරාධිත කලා ශිල්පීන් පිළිගැනීමත් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත්ත කිරීමට එම කලා ශිල්පීන්ටම අවස්ථාව ලබා දීමත් රැස්ව සිටි සියල්ලන්ටම සුවිශේෂී අත්දැකීමක් බවට පත්වුණි. අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම උදෙසා සිය ජීවිත කාලයම කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කැපකළ මෙම කලාකරුවන් සඳහා, මුලසුන් ලබා දෙමින් සිය උපරිම ගෞරවය පිරිනැමීමට විෂය භාර අමාත්‍යවරයා එහිදී කටයුතු කළේය.

මෙම වැඩසටහනේ දී සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම, සංගීත භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය ප්‍රධානය කිරීම, විවිධ දේශණ ඇතුළු කාර්යයන් රැසක් සිදු වුණි.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථාන භාර පූජ්‍ය අනුරුද්ධ මිහිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමවා වදාළහ. තවද හින්දු, ඉස්ලාම් පූජකතුමන්ලා ද ප්‍රදේශවාසී ප්‍රවීණ කලාකරුවන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණි. හිටපු අමාත්‍ය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමා, මහනුවර මහ දිසාපති ගරු චන්දන තෙන්නකෝන් මැතිතුමා,  ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයින්, නගරාධිපතිවරුන්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් අනෝජා ගුරුගේ, අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ ඇතුළු ආයතන ප්‍රධානීන්, වෙනත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් ද ප්‍රදේශවාසී කලාශිල්පීන්, වැඩිහිටියන් දරුදැරියන් ඇතුළු බොහෝදෙනෙක් මෙම අවස්ථාව සඳහා පැමිණ සිටියහ.  අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණි.