මහා බෝධි සමාගම විසින් සංවිධානය කොට තිබූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය

මැයි 8th, 2023

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මහා බෝධි සමාගම විසින් සංවිධානය කොට තිබූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය 2023.05.05 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.

මෙම අවස්ථාවට අග්‍රශ්‍රාවක විහාරාධිපති, මහා බෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට වදාළා.

රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව මෙවර දිවයින පුරා බොහෝ ආගමික උත්සවයන් සංවිධානය කරනු ලැබුවා. මේ අතර මෙවර ද වෙසක් මංගල්‍ය නිමිත්තෙන් කොළඹ, මරදානේ පිහිටි මහාබෝධී විහාරස්ථානයේ දී අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශන වැඩසටහන ද උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබුණා. මෙම පුන්‍ය මහෝත්සවයේ ආරම්භක පූජෝත්සවය වෙනුවෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මැතිතුමන් සහ දායක දායිකාවන් රැසක් සහභාගී වී සිටියා.