මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය සම්මානීත ප්‍රවීණ ලේඛක පියදාස වැලිකන්නගේ මහතා නමින් නම් කෙරේ…

මැයි 11th, 2024

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය සම්මානීත ප්‍රවීණ ලේඛක පියදාස වැලිකන්න මහතාගේ නමින් නම් කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
අමාත්‍යංශය අද (11) සිදු කළ අතර ප්‍රාදේශීය කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය මාතලේ දී පැවැත්විණි.

මෙරට සාහිත්‍ය කලාවට විශේෂ මෙහෙවරක් ඉටු කළ සාහිත්‍යවේදියෙකු වන පියදාස වැලි කන්නගේ මහතා මේ වන විට සාහිත්‍ය කෘති 22ක් රචනා කර තිබෙන අතර ඉන් කෘති හතරක් රාජ්‍ය සම්මානය දිනාගෙන ඇත.

ඔහුගේ පළමු නවකතාව ජනසතිය පුවත්පතෙහි පළ වූ ‘වළාකුළින් වැසුණු සඳක් ‘ හැඳින්විය හැකි අතර එය 1972 වසරේ දී ගොඩගේ ප්‍රකාශයක් ලෙස නිකුත් වූයේද එය ලද පාඨක ආදරය නිසා වෙනි.

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය සම්මානීත ප්‍රවීණ ලේඛක පියදාස වැලිකන්නගේ මහතාගේ නමින් නම් කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

රාජ්‍ය සම්මානිත ප්‍රවීණ ලේඛක කේ. බී. මානෑව, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, මාතලේ ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා එස්.ඩී. දිසානායක, මාතලේ සහකාර ප්‍රාදේශීය ලේකම් තිෂින නවරත්න, සංස්කෘතික නිලධාරී කේ. ඩී .ඉන්ද්‍රාවතී, සංස්කෘතික මධ්‍යස්ථාන භාර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී නිල්මිණී දමයන්ති, සංස්කෘතික සංවර්ධන නිලධාරී හර්ෂණී මධුකා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.