මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම (ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ කැණීම් තුලින් තවත් ‌ඓතිහාසික පුරාවස්තූන් සොයා ගැනේ.

දෙසැම්බර් 27th, 2022

මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම (ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ කැණීම් තුලින් තවත් ‌ඓතිහාසික පුරාවස්තූන් සොයා ගැනේ.

බොහෝ කාලයක් කිසිවකුගේ අවධානයට යොමු නොවූ මිහින්තලේ අනුලාතිස ස්තූපය ඇතුළු එම ඓතිහාසික පූජා භූමිය කැණීම් සිදු කර සංරක්ෂණය කිරීම සඳහා පසුගිය වසරේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ අවධානය යොමු විය. එතුමන් ගේ උපදෙස් පරිදි කැණීම් සිදුකොට සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන මෙම ඓතිහාසික පූජා භූමිය පිළිබඳව ඉන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානය යොමු වූහ.

මෙම ‌ඓතිහාසික පූජා භූමියේ ආරම්භ කරන ලද කැණීම් තුළින් පසුගිය දා (23) ‌තවත් ඓතිහාසික පුරාවස්තූන් රැසක් හමු වී අැත.

මේ වන විට ස්තූපයේ අවසන් අදියරේ කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර මීට ඉහත දී පළිඟු කරඩුවක කොටස් ද, ශිලා මංජුසාවක් ද, විවිධ ප්‍රමාණයේ, වර්ගයේ විවිධ වර්ණ‌යෙන් යුත් විවිධ හැඩයෙන් යුත් පබළු වර්ගද හමු වී අැත.

මිහින්තලය  අනුලාතිස ස්තූපයේ  ගර්භයේ  අනවසර කැණීම්  කරුවන් හාරා විනාශ කර තිබී හමුවු අතුරු ගර්භ කුටීර තුළ, පසුගිය 23  වන දින කළ කැණීම් තුළින්, මැටි මංජුසා හමු වූ අතර එම මැටි බදුන් වල තිබී ලෝහමය ආභරණ  හා පබලු  වර්ග හා  පුලුස්සන ලද අස්ති කැබලි (සමහර විට රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ) යන ‌ඓතිහාසික වස්තූන් ද හමුවී අැත.