මිහිමිත් ප්‍රජාව උදෙසා සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීමටත් ඒවා ආරක්ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගනී

ජනවාරි 28th, 2023

අපේ රටේ එතරම් අවධානයට ලක් නොවූ මිහිමිත් ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීමටත් ඒවා ලබා දීමටත් ගත හැකි පියවර සම්බන්ධයෙන් ලිට්ල් පීපල් ඇසෝසියේෂන් සංවිධානයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් බත්තරමුල්ල සංස්කෘතික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා(24) පැවැත්වුණි.

මෙහි දී එම සාකච්ඡා සඳහා සහභාගී වූ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා, ඔවුන්ගේ කලා කුසලතා එළිදැක්වීම සඳහා මෙන්ම කලා කුසලතා ඔප්නංවාගැනීමත් අධ්‍යයන කටයුතු සිදු කිරීමටත් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, අමාත්‍යංශයේ සහ අදාල අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩලය වෙත උපදෙස් ලබා දුනි. අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.