යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වන පළමු ඒකබද්ධ කළමනාකරණ කමිටු හමුව

දෙසැම්බර් 5th, 2022

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වන පළමු ඒකබද්ධ කළමනාකරණ කමිටු හමුව ඉන්දියානු මහ කොමසාරිස්තුමා සහ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ සම සභාපතිත්වයෙන් පැවැත්වුණි.

නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, යාපනය නගරාධිපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගී වී සිටියහ. මෙම හමුවේදී ඵලදායි සාකච්ඡා පැවති අතර නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා අනු කමිටුවක් පත් කර තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුලු ආයතන ප්‍රධානීන් ද මෙම අවස්ථාවට සහභාගී වුණි.