රජගල ‌‌ෙඑතිහාසික පුරාවිද්‍යාභූමිය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීම සඳහා, සංරක්ෂණ සහ යටිතල පහසුකම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට උපදෙස්

දෙසැම්බර් 27th, 2022

රජගල ‌‌ෙඑතිහාසික පුරාවිද්‍යාභූමිය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීම සඳහා, සංරක්ෂණ සහ යටිතල පහසුකම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට උපදෙස්

අපේ රටේ පුරාවිද්‍යාත්මක සහ ආගමික වශයෙන් ඉතාමත් වැදගත් ‌ෙඑතිහාසික භූමියක් වන අම්පාර, උහන, රජගල පුරාවිද්‍යා පුද බිම පැරණි දිගාමඩුල්ලේ ‌ෙඑතිහාසික උරුමය ලොවට කියාපාන අපේ උරුමයයි. ලෙන් 130ක් ඇතුළු දැකුම්කලු ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 1000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා විහිදී ගිය ලංකාවේ විශාලතම ‌ෙඑතිහාසික බෞද්ධ සේනාසනයක් ලෙස හදුන්වන්නට පුළුවන්.

මෙම භූමිය පුරාම විසිරුණු විහිදුණු පුරාවිද්‍යා නටබුන් රාශියක කැණීම් සහ අදියර කිහිපයකින් සමන්විත වූ දැවැන්ත සංරක්ෂණ වැඩසටහන කඩිනමින් අවසන් කිරීමටත්, දෙස් විදේශීය සංචාරකයන් සඳහා නැරඹීමට සුදුසු ආකාරයෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් පසුගිය දා (22) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ. එහිදී අමාත්‍යතුමා,  අදාල කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රධානීන් සමඟ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ සංරක්ෂණ කටයුතු අවසානයේ මෙම ‌ෙඑතිහාසික පූජා භූමිය කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුනි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනයපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අමාත්‍යංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, රජගල ව්‍යාපෘති කළමනාකරු පී.එම්. දසුන් එන්. පතිරාජ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.