රම්බා විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටස්වල පවතින ගැටළු නිරාකරණය කිරීම

ඔක්තෝබර් 10th, 2022

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රොටේ ගම්මානයේ රම්බා විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් පෞද්ගලික ඉඩම් සහ රක්ෂිත ඉඩම් කොටස්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා සමඟ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශට අයත් ජාතික උරුම අංශයේ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුි.

රම්බා විහාරයේ පවතින ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් මෙහි දී මූලික අවධානය යොමු වුණා. පුරාවිද්‍යා භූමීන්ට අදාල ගැසට් නිවේදනය අනුව අනවසර පදිංචිකරුවන් සිටී නම් ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳවත්, දැනට ගැසට් නිවේදන නිකුත් කර නැති ප්‍රදේශවල ඇති පුරාවස්තූන් සොයා බලා එම පුරාවස්තූන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණය කර ඉතිරි ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙනුත් මෙහි දී සාකච්ඡා කරණ ලදී.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය කතානායක ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් (ප්‍රවර්ධන) නිෂාන්ති ජයසිංහ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්තුමන්, නීති නිළධාරීන්, පුරාවිද්‍යා පර්යේෂණ නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීය.