
රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
මැයි 6th, 2023රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කැබැල්ලව රත්නසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.05.04 දින ආරම්භ වුණි.
හලාවත කැබැල්ලව රත්නසිරි පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන්, බුද්ධශාසන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතනයන්හී සංවිධාන ශක්තියෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ.
සමරු මුද්දර හතරක් නිකුත් කිරීම, ප්‍රකාශයට පත් කළ පූජාභූමි හයක සන්නස්පත්‍ර බෙදාදීම ඇතුළු වැඩසටහන් රාශියක් අද දින මෙහිදී සිදුකෙරුණු ලැබුණි.
ත්‍රයිනිකායික නාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහ සඟරුවන මෙම අවස්ථාවට වැඩමකොට වදාළ අතර මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, සැදැවතුන් බොහෝ දෙනෙක් ද මේ සඳහා එක්වී සිටියහ.