රුක්මණීදේවි ගුණානුස්මරණ පුස්තකාලය විවෘත කිරීම හා රුක්මණීදේවි ගී රස වින්දන වැඩසටහන
දෙසැම්බර් 5th, 2022රුක්මණීදේවි ගුණානුස්මරණ පුස්තකාලය විවෘත කිරීම හා රුක්මණීදේවි ගී රස වින්දන වැඩසටහන මීගමුව-රුක්මණීදේවි අනුස්මරණ රංග ශිල්ප කේන්ද්‍රයේදී පැවැත්වුණි.
අපේ රටේ ගීත කෝකිලාවිය, නිළි රැජින නමින් විරුදාවලී ලත් රුක්මණීදේවියගේ 44 වන ගුණ සමරුවට සමගාමීව ඇය කලා ක්ෂේත්රය වෙනුවෙන් සිදුකලා වූ අනුපමේය සේවය අගයමින්, ටවර් හෝල් රඟහල පදනම සහ රුක්මණීදේවි අනුස්මරණ සංගමය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරුණි.
රුක්මණිදේවී කළා ශිල්පිණියගේ ගීත ගායනා සහ නර්තනයන්ගෙන් මෙන්ම ගුණසමරු දේශනයන්ගෙන් මෙම වැඩසටහන අලංකාරවත් වුණා. මෙහි පුස්තකාලය සඳහා ඇයගේ ජීවන තොරතුරු ඇතුළත් වටිනා ග්රන්ථ ඇතුළු පොත් කට්ටලයක් රුක්මණීදේවී අනුස්මරණ සංගමයේ නිර්මාතෘ සහ උපදේශක ප්‍රවීණ මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මහතා විසින් පරිත්‍යාග කිරීමද මෙම අවස්ථාවේ දී සිදුකරණු ලැබූහ.
මීගමුව කලාපයේ සහ අවට පූජකතුමන්ලා මෙන්ම කලාශිල්පීන් බොහෝ දෙනෙක් ද බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය(සංවර්ධන) සහ ටවර්හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල්තුමන් ඇතුළු කාර්යමණ්ඩල ප්‍රධානීන්, රුක්මණීදේවි අනුස්මරණ සංගමය සහ රුක්මණීදේවි අනුස්මරණ ශිල්පකේන්ද්රයේ ප්‍රධානීන්, පාසල් දරුදැරියන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාවට එක්වී සිටියේය.