
ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය පොළොන්නරුව
නොවැම්බර් 8th, 2022
ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය සම්බන්ධයෙන් ඉදි වී තිබෙන එකම කෞතුකාගාරය වන්නේ, පොළොන්නරුවේ ඉදිකරණ ලද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් “පුරාණ තාක්ෂණ කෞතුකාගාරය” යි.
පසුගිය (05) දා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුම අංශයේ කාර්ය මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යතුමා පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ නිරීක්ෂණ වැඩසටහනක් සඳහා සහභාගී වුණි. මෙහි දී එම මධ්‍යස්ථානය ඇතුළු පොළොන්නරු ෙඑතිහාසික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සඳහා ආකර්ෂණය වන ආකාරයෙන් යටිතල පහසුකම් සංවර්ධනය කළ හැකි ආකාරය පිලිබඳව අවධානය යොමු කෙරුණි.
මේ සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මැතිතුමන්, පොලොන්නරුව මහ නගර සභාවේ සභාපති ගරු චානක රණසිංහ මැතිතුමන්, හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තරිදු කහඳව මැතිතුමන්, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ මහත්මිය, මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ඇතුළු එහි නිළධාරීන්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු නිළධාරීන්, පුරාවිද්‍යා නිළධාරීන්, ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණි. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මෙම මධ්‍යස්ථානයේ ඉදිරි ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දුනි.