ලෝක මානසික සෞඛ්‍ය දිනය…..

ඔක්තෝබර් 10th, 2022

ලෝක මානසික සෞඛ්‍ය දිනය (2022.10.10) අදයි. ඒ වෙනුවෙන් “මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය” පිළිබද වැඩසටහනක් ජාතික මත්ද්‍රව්‍ය නිවරණ මෙහෙයුම් ඒකකයේ සම්පත් දායකත්වය යටතේ කොළඹ 02, ආරක්‍ෂක සේනා විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
එම වැඩසටහනෙහි ප්‍රධාන දෙසුම විද්‍යාලීය විදුහල්පති බී.ඒ.අබේරත්න මැතිතුමන්ගේ ආරාධනයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී, කථිකාචාර්ය එන්.ආර්.අමරසිංහ මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය විදුහල්පති සුදත් අහංගම මහතා , නියෝජ්‍ය විදුහල්පති කේ. සුනීතා මහත්මිය, සහකාර විදුහල්පති කේ.ඩී.මංගලිකා මහත්මිය, සහකාර විදුහල්පති රසිකා සදමාලි මහත්මිය, දහවන හා එකොලොස් වන ශ්‍රේණි සම්බන්ධීකාරක හා මනෝවිද්‍යා අංශ භාර ආචාර්ය කුමනි බෝයගොඩ මහත්මිය, එකොළොස් වන ශ්‍රේණි අංශ සම්බන්ධීකාරක අතුල ප්‍රියදර්ශන මහතා, දහවන ශ්‍රේණි සම්බන්ධීකරණ ගුරු දිල්රුක්‍ෂි කුමාරි මහත්මිය, විද්‍යාලීය ශිෂ්‍ය උපදේශන ගුරු ශකිලා කුමාරි මෙනවිය ඇතුලු මහත්ම මහත්මීන් සහ විද්‍යාලීය දහවන හා එකොළොස් වන ශ්‍රේණි නියෝජනය කරමින් සිසු දරු දැරියන් පන්සියයක් පමණ පිරිසක් සහභාගී විය.මෙහිදී, එන්.ආර්.අමරසිංහ මහතා සදහන් කළේ, “මත්ද්‍රව්‍ය හා මද්‍යසාර සදහා යොමුගත වූවන් බහුතරයක් මානසික රෝග වලින් පෙළෙන බවයි. ඒවා මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවී ඇති රෝගී තත්වයන් බවත්ය.කෙසේ වෙතත් පාසැල් දරුවන් යනු මෙරට අනාගතයයි. ඔවුන් කායික හා මානසික නීරෝගී භාවයෙන් යුක්තව සිටීම මෙරට අනාගතය පිළිබදව යහපත් සිතුවමක් බවත් වැඩිදුරටත් සදහන් කරන ලදී. නීත්‍යානුකුල හා නීත්‍යානුකුල නොවන ජාවාරම් කරුවන්ගේ ප්‍රධාන ගොදුර පාසැල් දරුවන් වන ඔබ බවත් භාවිතයේ නියම හානිය අවබෝධ කරගනිමින් නිවැරදිව සමාජය දකින්නට මෙම අවධියේ පටන් මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබදව උගෙනුම ඉතා වැදගත් වන බවත් මෙහෙදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.”