
ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා නායක එබනේසර් ජෝශප් දේවගැතිතුමා ඇගයේ !
අප්‍රේල් 21st, 2023ලෝක මෙතෝදිස්ත සභාව විසින් පිරිනමනු ලබන 2022 ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා නායක එබනේසර් ජෝශප් දේවගැතිතුමා ඇගයීමේ වැඩ සටහනක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි.
ලෝකයේ සාමය, යුක්තිය සහ සහජීවනය ගොඩනැගීම සඳහා නිර්භීත ස්ථාවරත්වයකින් සහ නිර්මාණශීලිව කටයුතු කළ පුද්ගලයින් සඳහා මෙම සාම ත්‍යාගය ලෝක මෙතෝදිස්ත සභාව විසින් පිරිනමනු ලබයි. නෙල්සන් මැන්ඩෙලා, ජිමී කාටර්, මිහායිල් ගොර්බචෙව් සහ කොෆි අනන් වැනි විශිෂ්ට පුද්ගලයන්ට ද මෙම සාම ත්‍යාගය පිරිනමා තිබෙන අතර ගරු එබනේසර් ජෝසප් දේවගැතිතුමා ආසියානු කලාපයේ ප්‍රථම සම්මානලාභියා වේ.
මෙතෝදිස්ත සභාවේ ප්‍රධානියා ලෙසත් ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් සිය ධුර කාලය තුළ යුද්ධයේ උග්‍ර සමයේදී පවා ශ්‍රී ලංකාවේ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා දේවගැතිතුමා විශාල සේවයක් කළ අතර බොහෝ දේශීය ගැටලු විසඳීම සඳහා හමුදාව සහ සටන්කාමීන් අතර බිම් මට්ටමේ සාකච්ඡා මෙහෙයවීය. දරුණු ප්‍රචණ්ඩකාරී අවස්ථාවලදී පවා ළමා සමාජ, අන්තර් ආගමික තවාන්, ළමා හුවමාරු වැඩසටහන් රාශියක් ආරම්භ කළ එතුමා ළමුන් සහ තරුණයින් අතර සාමය සහ සහජීවනය පිළිබඳ සාරධර්ම ප්‍රවර්ධනය කිරීමට මහත් වූ වෙහෙසක් ද ගත්තේ ය.
එබනේසර් ජෝශප් දේවගැතිතුමාගේ සේවය අප රට තුළ පුළුල් ලෙස පිළිගැනීමට ලක් නොවීම කණගාටුදායක කරුණක් බවත් එතුමන්ගේ ජයග්‍රහණ පිළිබඳව ඇදහිය නොහැකි තරම් ආඩම්බර වන බවත්, සමාජයෙන් නොලැබුණත්, එතුමන් කළ සේවය වෙනුවෙන් ලැබිය යුතු ඉහළම පිළිගැනිම දේව රාජ්‍යයේ දී ඔහුට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එහිදී අදහස් දැක්වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.
දකුණු ඉන්දියානු සභාවේ යාපනය දියෝකීසයේ අතිඋතුම් දේවධර්මාචාර්ය වේලුප්පුල්වල් පද්මදයාලන්ද රදගුරු හිමිපාණන් වහන්සේ,අන්තර් ආගමික හා කිතුණු සභා සමගිය පිළිබඳ ජාතික අධ්‍යක්ෂ හා කුරුණෑගල පදවි අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජාප්‍රසාදීන් වහන්සේ, ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් ගරු සුජිතාර් සිවනායගම් දේවගැතිතුමා,ප්‍රධාන අණදෙන නිලධාරී කර්නල් නිහාල් හෙට්ටිආරච්චි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ,ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පිංතු යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.