
විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විවිධ ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්යාංශයක් විවෘත්ත කෙරේ
ජනවාරි 31st, 2023පසු ගිය ජනවාරි 24 දා මිහිමිත් ප්‍රජාව ඇතුළු ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණ සමඟ අමාත්‍යතුමා සහ අමාත්‍යංශ ප්‍රධානීන් කළ සාක්ච්ඡා වලදී ගත් තීරණ අනුව, එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අද දින (31) විවිධ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කාර්යාංශයක් පිහිටුවනු ලැබුවා.
බත්තරමුල්ල සෙත්සිරිපාය, 8 වන මහලේ, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පිහිටුවනු ලැබූ මෙම කාර්යාංශය මගින් විශේෂිත ආබාධ සහිත ප්‍රජාව සඳහා කාර්යයන් රැසක් ඉටුවන අතර ආගමික හා සංස්කෘතික වටිනාකම් සහිත ස්ථාන වලට යාමට ප්‍රවේශ පහසුකම් සැලසීම, ඔවුන්ගේ නර්තන, ගායන, ආදී ප්‍රාසාංගික කලා කුසලතා ප්‍රවර්ධනයට අවශ්‍ය සහාය ලබාදීම මෙන්ම ආබාධ සහිත ප්‍රජාව ගේ සංස්කෘතික අයිතීන් රැකදීම සඳහා කටයුතු කිරීමට ද බලාපොරොත්තු වෙනවා. අද දින මෙම අවස්ථාව සඳහා සහභාගී වූ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම්(පාලන) අනෝජා පී. ගුරුගේ, අතිරේක ලේකම්(සංස්කෘතික ප්‍රවර්ධන) තිලක් හෙට්ටිආරච්චි යන මහත්මමහත්මීන් ඇතුළු අමාත්‍යංශ කාර්යමණ්ඩල ප්‍රධානීන්, නිළධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුණා. තවද මෙම අවස්ථාවට ආබාධ සහිත පුද්ගල ඒකාබද්ධ පෙරමුණේ ලේකම් රසාංජලී පතිරගේ, සභාපති නිහාල් පරණගම යන මහත්ම මහත්මීන් ඇතුළු සියළු ආබාධිත ප්‍රජාව සංකේතාත්මකව නියෝජනය කරමින් ආබාධිත පිරිස් ද සහභාගී වී සිටියා.