
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මහතා සමඟ සාකච්චාවක්…
සැප්තැම්බර් 12th, 2022ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මහතා සමඟ සාකච්චාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා, අමාත්‍යංශ ලේකම්තුමා සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා සමග අද දින (2022.09.12) බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
දීර්ඝ කාලීනව දෙරට අතර පවතන සුහදත්වයත් දශක ගණනාවක් පුරා සංචාරක කටයුතු වෙනුවෙන් ලබා දෙන දායකත්වයත් වෙනුවෙන් අමාත්‍යතුමා තම කෘතඥතා පූර්වක ස්තූතිය ඊජිප්තු තානාපතිතුමන් වෙත පිරිනමනු ලැබුවා.
කයිරෝ හි අල් අසාර් විශ්ව විද්‍යාලය හරහා ඊජිප්තු රජය විසින් ශ්‍රී ලාංකික සිසුන්ට පිරිනමන ශිෂ්‍යත්වවල පහසුකම් සහ වැඩපිළිවෙල පිළිබඳව තානාපතිතුමා දැනුවත් කළ අතර පවතින සංස්කෘතික ගිවිසුම යටතේ එම පහසුකම් දිගටම පවත්වාගෙන යාමට තානාපතිතුමා තම කැමැත්ත පළ කරනු ලැබුවා. 1961 දී අත්සන් කර ඇති සංස්කෘතික ගිවිසුම සමාලෝචනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් අතර සහජීවනය සහ සමගිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් ඊජිප්තු තානාපති කාර්යාලය සමඟ එක්ව සමීපව කටයුතු කිරීමටත් ගරු අමාත්‍යතුමා තම එකඟතාව පළකලා.
2022 ඔක්තෝබර් 17 සිට 18 දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන “ෆත්වා සහ තිරසාර සංවර්ධන ඉලක්ක” පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වන ලෙස ඊජිප්තු රජය විසින් කරන ලද ආරාධනය ගරු ඇමතිතුමන් විසින් පිළිගනු ලැබුවා. එසේම දෙදෙනා විසින් සමරු තිළිණද හුවමාරු කරගනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න, විදානපතිරණ මහතාද, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉබ්‍රාහිම් අන්සාර් මහතාද, අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාද එක්වී සිටියා.