ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික සබදතා පිළිබඳ සාකච්ඡා…

ජූනි 8th, 2023

තායිලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා සමගාමීව තෙදින නිල සංචාරයකට එක්වූ ශ්‍රී ලංකා ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ දුත පිරිස තායිලන්ත අගමැති ජෙනරාල් ප්‍රයුත් චාත්-ඕ-චා මහතා සමඟ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය.

අගමැතිවරයා ප්‍රමුඛ රජයේ දුත පිරිස බැංකොක් නුවර එරට රජයේ මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ආගමික හා සංස්කෘතික,වෙළෙඳ හා ආයෝජන ආදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් දීර්ඝ ලෙස දේපාර්ශවය අතර මෙහිදී සාකච්ඡා සිදුකෙරිණි.

තායිලන්ත ආග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාත්-ඕ-චා,ශ්‍රී ලංකා ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු හා දෙරට රාජත්‍රන්ත්‍රිකයන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.