ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ නව මහානායක දේවගැතිතුමාට සුභාශිංසන...!

ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ නව මහානායක දේවගැතිතුමාට සුභාශිංසන…!

සැප්තැම්බර් 3rd, 2024

ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ නව මහානායක වශයෙන් පත්කරනු ලැබූ ගරු කිංස්ලි වීරසිංහ දේවගැතිතුමාට සුභපැතීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙතෝදිස්ත සභා ප්‍රධාන කාර්යාලයට අද (03) ගියේය.

මෙතෝදිස්ත සභා ලේකම් ලෙස්ලි ද රිජු දේවගැතිතුමන්, ධර්ම ප්‍රචාරක ලේකම් රමේෂ් ප්‍රනාන්දු දේවගැතිතුමා, සභා හා ජාතික සම්බන්ධීකාරක ගරු නිශාන්ත ගුණරත්න දේවගැතිතුමන්, ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් ගරු සුජිතර් සිවනායගම් දේවගැතිතුමන් සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුරි පිංතු මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.