ශ්‍රී ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය කෘතිය සහ වේදිකා නාට්‍ය ශිල්පීන් ගේ තොරතුරු නාමාවලිය එළිදැක්වේ.

පෙබරවාරි 20th, 2023

ශ්‍රී ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය කෘතිය සහ වේදිකා නාට්‍ය ශිල්පීන් ගේ තොරතුරු නාමාවලිය එළිදැක්වේ.

දේශීය නාට්‍ය කලාවට මෙන්ම නෘත්‍ය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටුකළ කෘතහස්ත සංගීතවේදියකු වන කලාභූෂණ ලයනල් ගුණතිලකයන් වසර විසිහයක් පුරා ටවර් හෝල් රඟහල පදනම සමඟ අත්වැල් බැදගනිමින් දේශීය කලාවේ අනාගත අභිවෘධිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනු ලැබුවා. එතුමන් විසින් නෘත්‍ය සංගීත කලාව වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය අලලා චන්දි සුද්දත්චාරී මහත්මිය විසින් රචනා කරන ලද “ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය” කෘතිය එළි දැක්වීමේ උත්සවය අද (17) සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණි.

විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ උපදෙස් පරිදි සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ දී දේශීය සංගීත, රංගන ක්ෂේත්‍රයන් හී අභිවෘධිය වෙනුවෙන් කටයුතු කළ කලා ශිල්පීන් ඇතුලත්, ටවර් හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත ටවර් නාට්‍යවේදී නාමාවලිය එළිදැක්වීමටද කටයුතු කෙරුණි.

උත්සව අවස්ථාව වර්ණවත් කරමින් නාට්‍ය භූෂණ, නාට්‍යකලා චූඩාමණී ශ්‍රී ජයත කරුණාසේකර මහතාගේ ජයසංඛ රංග පදනමේ සරසවිපාය සිසු සිසුවියන් විසින් සරස්වතී අභිනන්දන රංගනය ඉදිරිපත් කළහ. ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ආදි විද්‍යාර්ථීන් විසින් නර්තනාංගයක් ද ඉදිරිපත් කරනු ලැබුණි.

ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා, ප්‍රවීණ කලාශිල්පීන් හා ප්‍රවීණ සාහිත්‍යවේදීන් රැසක් ද පැමිණ සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහ සංස්කෘතික අමාත්‍යංශ ප්‍රධානීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුහ.