
ශාසනික වශයෙන් වැදගත් තීරණ ගන්න මහානායක හිමිවරුන්ගෙන් අනුශාසනා !
මාර්තු 16th, 2023නිකාය හා නිකාය පාර්ශ්ව ගරු ප්‍රධාන ලේඛකාධිකාරි මහානායක,අනුනායක ස්වාමීන් වහන්සේලා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (14) බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
ශාසනික වශයෙන් ඉතා වැදගත් තීරණ සම්බන්ධව ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමත්, නිකාය හා නිකාය පාර්ශවයන්ගේ අතිපුජ්‍ය මහානායන ස්වාමීන් වහන්සේලා අතර සම්බන්ධීකරණය ගොඩ නැඟීමත්, අමාත්‍යාංශ ප්‍රතිපත්ති තීරණ හා ඉදිරි වැඩ පිළිබඳව සාකච්ඡා කිරීමත්, මෙහිදී සිදුවුණි.
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛාධිකාරි ආචාර්ය පූජ්‍ය පහමුනේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්වාමීන්වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛාධිකාරි මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ නායක ස්වාමීන්වහන්සේ,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛාධිකාරි, ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිපිටකවේදී පණ්ඩිත පූජ්‍ය අත්තන්ගනේ ශාසනරතන නායක ස්වාමීන්වහන්සේ,ශ්‍රී ලංකා කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛාධිකාරි, පූජ්‍ය අමන්දොලුවේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශ්වයේ ප්‍රධාන ලේඛාධිකාරි පූජ්‍ය විලඔයේ පඤ්ඤාතිලක නායක ස්වාමීන්වහන්සේ,මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ අනුනායක හා ප්‍රධාන ලේඛාධිකාරි ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්දාභිධාන නායක ස්වාමීන්වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක හා ප්‍රධාන ලේඛාධිකාරි ශාස්ත්‍රපති පරපාමුල්ලේ සුමන නායක ස්වාමීන්වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ ප්‍රධාන ලේඛාධිකාරි පූජ්‍ය වෙහෙරයායේ සිරි සුධම්ම නායක ස්වාමීන්වහන්සේ,අමරපුර මූලවංශික පාර්ශ්වයේ ප්‍රධාන ලේඛාධිකාරි පූජ්‍ය ප්‍රවීණාචාර්ය අකුරල මංජුලතිස්ස නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු සහ නිලධාරිහු මෙම අවස්ථාවට එක්වුහ.