
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කර ගැනීමට පාඨමාලා
මැයි 18th, 2023යුරෝපා රටවල් ඇතුළු ලෝකයේ බොහෝ රටවල් තුළ මේ වන විට බුද්ධ ධර් මය පිළිබඳ හැදෑරීමට සහ ධර් මාවබෝධය ලබාගැනීමට මහත් උද්‍යෝගයක් දක්නට ලැබෙනවා. එම රටවල් හී ධර් ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ධර් ම දේශනා පැවැත්විය හැකි මහා සංඝරත්නයේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා. ඒ සඳහා මෙන්ම අපේ රටේ ද ඉංග්‍රීසි භාෂාවෙන් ධර් ම දේශනා පැවැත් විය හැකි මහ සඟරුවනක් බිහිකරලීම බුද්ධ ධර් මයේ අනාගත අභිවෘධිය සහ චිරස්ථිතිය වෙනුවෙන් ගනු ලබන උතුම් ක්‍රියා මාර්ගයක්
මෙම උදාරතර අරමුණු සාක්ෂාත් කරගැනීමේ මූලික පියවරක් වශයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා ඉංග්‍රීසි භාෂා පාඨමාලා පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයත්, බුද්ධ ශාසන දෙපාර්තමේන්තුවත් අවශ්‍ය පියවර ගනු ලැබුවා.
දිවයිනේ විවිධ ප්‍රදේශය තුළින් වැඩම කෙරෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ලා සහ සිල් මෑණිවරුන් වෙනුවෙන් පහසුකම් සපයමින් online සහ නේවාසික ඉංග්‍රීසි පාඨමාලා අදියර දෙකක් යටතේ සිදුකිරීමට අපේක්ෂා කෙරෙනවා. මේ සඳහා පලමු අදියරේ දී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ලා සහ සිල් මෑණිවරුන් 150ක් තෝරා ගැනෙනවා. මේ වන විට පවතින ඉංග්‍රීසි දැනුම අනුව එක් එක් කාණ්ඩයන්ට බෙදා ගැනීමේ වැඩසටහනක් බුද්ධශාසන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ(16) පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා කෝට්ටේ මහමෙව්නා විහාරවාසී පූජ්‍ය තලාවේ අතුලදස්සන ස්වාමින් වහන්සේ, පාඨමාලා සම්බන්ධීකාරක සංවර්ධන නිලධාරී ( බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ) පූජ්‍ය කොලොන්නාවේ නාරද ස්වාමින් වහන්සේ වැඩමකොට වදාළා. පාඨමාලා අපේක්ෂිත ගරුතර ස්වාමින් වහන්සේලා හා දසසිල් මාතාවන් ද මෙම අවස්ථාව සඳහා වැඩමකොට වදාළා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා, පාඨමාලා සම්පත් දායක දේශක කිත්සිරි ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුණා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා පැමිණ සිටියා.