සමස්ත ලංකා තරුණ පිරිමි මුස්ලිම් සංගම් සම්මේලන නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්

නොවැම්බර් 21st, 2022

සමස්ත ලංකා තරුණ පිරිමි මුස්ලිම් සංගම් සම්මේලනය (YMMA) සමුළුවේ ජාතික සභාපති ඉහ්සාන් හමීඩ් මහතා ඇතුළු එම නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී (16දා) පැවැත්වුණි.

මෙම සාකච්ඡාවේ දී, දැනට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වූ අතර ඉස්ලාම් සමාජයට ගැලපෙන ආකාරයටත් රටේ නීතියටත් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟත්වයකට පැමිණියහ.

මෙම සාකච්ඡාව සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමන් ඇතුළු ආයතන නිලධාරීන් ද විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාද සහභාගී වී සිටියහ.