
සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම
නොවැම්බර් 21st, 2022සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම මෙම මස 18 දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම, ගරු සභාපති පූජ්‍ය පොළොන්නරුවේ ධම්ම නන්දා සිල්මෑණියන් වහන්සේ හා ගරු ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුල්ගිරිගල සීලප්‍රිය මනින්ද්රා සිල්මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිර හැර අනෙකුත් සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරන ලේඛකාධිකාරී සහ සභාපති සිල්මෑණිවරුන් වහන්සේලාගේ වැඩමවීමෙන් පැවැත්වුණි.
වැඩමවා වදාළ සහ අනෙකුත් සිල්මෑණිවරුන් වහන්සේලා විවිධ ප්‍රදේශයන් හී මුහුණදෙන ගැටළු පිලිබඳව අවධානය යොමු වූ අතර තවද ලබන වසරේ පැවැත්වීමට නියමිත පූජෝත්සව සංවිධානය සම්බන්ධයෙන් ද ඇතුළු කරුණු බොහෝමයක් පිලිබඳව සාකච්ඡා කළහ.
බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන හා ප්‍රගති පාලන) නිරංජන් ජයකොඩි මහතා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.