
සසුනඹර ඒකාලෝක කළ ජීවන පහණ නිවී ගියහ.
ඔක්තෝබර් 25th, 2022සසුනඹර ඒකාලෝක කළ ජීවන පහණ නිවී ගියහ.
අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ (22දා) සිදු කරණ ලදී.
පසුගිය දෙදින (21,22) මහා සංඝරත්නය ඇතුළු ශ්‍රී ලංකා වාසී පින්වතුන් උන්වහන්සේට අවසන් බුහුමන් දැක්වීමට පැමිණීමෙන් අනුරාධපුර මහා විහාර භූමිය පිරී ඉතිරී ගියා අතර. මල්වතු, අස්ගිරි නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන, සියම්, රාමඤ්ඤ, අමරපුර නායක මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩම කළහ.
ආදාහන පූජෝත්සවයේ ආගමිකවතාවත්, අනුශාසනා සහ පුණ්‍යානුමෝදනා කටයුතු මහාවිහාර භූමියේ දීම සුදුකරනු ලැබු අකර
අනුරාධපුර ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ ආදාහන පූජෝත්සවයේ මූලික ආගමික වතාවත් සිදු කරනු ලද. පිළිගැනීමේ අනුශාසනය සිදු කරනු ලැබුවේ වැඩ බලන අටමස්ථානාධිපති රත්නමාලි චෛත්‍යරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින්. ත්‍රෛනිකායික නාහිමිපාණන් වහන්සේලාගේ ආගමිකවතාවත් අනුශාසනා අවසානයේ පුණ්‍යනුමෝදනාව මිරිසවැටියේ චෛත්‍යරාමාධිකාරී රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරනු ලැබුණි
ශ්‍රී දේහය ථුපාරාම පුදබිමේ පුරාණ ආදාහන මළුව වෙත ගෞරව පෙරහැරින් වැඩ කරනු ලැබුණි.
මෙම අවස්ථාව සදහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ද ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ බොහෝ පිරිසක් ද හිටපු ජනාධිපත් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද ගරු පර්ල්මේු මන්ත්‍රීතුමන්ලා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් බොහෝ පිරිසක් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් ද උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. ප්‍රදේශවාසීන්, විද්වතුන් ඇතුළු බෞද්ධ ගිහි පින්වතුන් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද උන්වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය සඳහා සහභාගී වීය