
සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ(කෑගල්ල-රත්නපුර) විරාජ් නිරංජන් බාලසූරිය මහතා විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ පිළිගැන්වීම
සැප්තැම්බර් 27th, 2022කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද, සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ(කෑගල්ල-රත්නපුර) විරාජ් නිරංජන් බාලසූරිය මහතා විසින් සංස්කරණය කරන ලද කාන්තා වීරත්වය සහ වර්තමානය කෘතියත්, සුනිල් පී කුලරත්න මහතා විසින් රචිත සිතුවම් හා ප්‍රතිමා නිර්මාණ ශාස්ත්‍ර විධි ග්‍රන්ථයත් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් වෙත පිළිගැන්වීම පසුගියදා (27) නුවර හිඳගල රජමහා විහාරස්ථානයේ දී සිදු කෙරුණා.
එසේම මාතලේ අළුවිහාරය, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ ජාතික පුස්ථකාලය ආදී ස්ථානයන් හී පුස්කොළපොත් සංරක්ෂණ කටයුත්තේ යෙදී සිටින උඩහිගුල්වල එච්.එම්. හේරත් බණ්ඩා මහතා විසින් සම්පාදනය කරන ලද සංරක්ෂණය කරන ලද පුස්කොළපොත් නාමාවලිය අමාත්‍යතුමා වෙත පිළිගැන්වීමද මෙහි දී සිදු වුණා.
මීට ඉහත දී අමාත්‍යතුමා ද ගවේෂණය සඳහා සහභාගී වූ, යහන්ගල සමීපයේ පිහිටි, මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අති දුෂ්කර පාරම්පරික ගම්මානයක් වූ, ගලමුදුන ගම්මානය වෙත, විදුලි පඹයා ලෙස හැඳින්වෙන වගාවන් වෙත පැමිණෙන සතුන් විකර්ශණය කෙරෙන යන්ත්‍රයක්, මිණිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී.හේමකුමාර මහතා විසින් අමාත්‍යතුමා වෙත භාරදීමද මෙහි දී සිදු කරනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල්(රන්මිණිතැන්න වැඩබලන) සෝමසිරි ඒකනායක, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්, අධ්‍යක්ෂ එම්.පී.ඩබ්. ශිරෝමනී, උප සභාපති නලින්ද මාකෙහෙල්වල, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමිත් ප්‍රනාන්දු ඇතුළු ආයතන නිලධාරීන් පිරිසක් එක්වී සිටියා.