
සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටයෝ ඇගයෙති !
ඔක්තෝබර් 28th, 2022සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල“ අද (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් සභාපතිත්වය දරණ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ විද්වත් මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානිත ග්‍රන්ථ තෝරා ගැනීම මෙහිදී සිදුකරන අතර ජීවිතයේ එක්වරක් පමණක් පුදකෙරෙන “සාහිත්‍යරත්න සම්මානයෙන්“ මෙන්ම අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් මෙම විශිෂ්ටයෝ උලෙළෙදී පිදුම් ලැබුහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන්,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතගේ සහ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියගේ අධීක්ෂණය සහ මඟපෙන්වීමෙන් ද මෙම උළෙල පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.