
සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව, විෂය භාර අමාත්‍යතුමා ඇතුළු ආයතන ප්‍රධානීන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරයි
ජනවාරි 30th, 2023පසුගිය දා(30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සකච්ඡාවේදී, සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධ ප්‍රශ්න ඇතුළු සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ගරු ජනාධිපතිතුමා සමඟ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගැනීම, සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් ආයතනයේ ගොඩනැඟිලි පහසුකම් සංවර්ධනය කර ආයතනයට ගැළපෙන ක්‍රියාකාරකම් මගින් ආදායම් ඉපැයීම කෙරෙහි අවධානය යොමු කිරීම, ඒ සඳහා යම් මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් එය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට කටයුතු කිරීම, දැනට සිංහල සංස්කෘතික ආයතනයේ සාමාජිකයෝ 300ක් පමණ සිටින අතර, තවදුරටත් එම සාමාජිකත්වය පුළුල් කර උගත් තරුණ පරපුරට අවස්ථාව සළසා දීම තුළින් නව අදහස් ලබාගැනීම, ආදී කරුණු ගණනාවක් පිලිබඳව ගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ජා පැවැත්වූ අතර ඒ පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ගෙන් උපදෙස් ලබා ගත්තා.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සිංහල සංස්කෘතික ආයතනයේ හිටපු සභාපති ජීවන් කුමාරතුංග යන මහත්වරු සහ සිංහල සංස්කෘතික ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වුණා.