සියක් නමක් හිමිවරු පිණ්නපාතයේ වඩිති !

මැයි 3rd, 2023

සියක් නමක් හිමිවරු එක්වූ පිණ්ඩපාත චාරිකාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ සිට කොළඹ නගර සභා පරිශ්‍රයට අද (03) උදෑසන වැඩම කළහ.

පිණ්ඩපාත චාරිකාව කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර පිත්තල හංදිය ඔස්සේ,138 මාර්ගයෙන් කොළඹ නගර සභා පරිශ්‍රයට හිමිවරු වැඩම කර එහිදී දානය වැළඳීම සිදු කළහ.

පිණ්නපාතයෙන් ලැබු වියළි ආහාර හා බෙහෙත් ආදී ද්‍රව්‍ය කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදා දීමට එහිදී හිමිවරු කටයුතු කළහ.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු සහ අමාත්‍යාංශ නිලධාරිහු ද අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිට දී හිමිවරුන් උදෙසා පිණ්නපාතය පිළිගැන්වීම සිදු කළහ.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එක්ව මෙම පිංකම සංවිධානය කෙරිණි.