සීගිරිය මත සිට හිරු උදාවේ ආශ්වාදය විඳින්න පැමිණෙන්න

ජනවාරි 15th, 2023

ඓතිහාසික ලෝක උරුමය සීගිරිය ශිකරය මත සිට සොබාව සෞන්දර්යයේ විශ්මිත දසුන් නරඹන්නට ලැබෙන ඒ දුලබ අවස්ථාව අද සිට (14) ඔබට ලබා දී තිබේ. මුලු මහත් ලෝකයේම ආකර්ශණය දිනාගත් සීගිරිය දෙස් විදෙස් සියළු සංචාරකයන් සඳහා උදෑසන 5.30 සිට ප්‍රවේශපත් නිකුත් කරන අතර රාත්‍රී 9.00 දක්වා සීගිරිය මත සිට දසුන් නැරඹීමේ අවස්ථාව හිමි වේ.

සංචාරක ආකර්ෂණය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා මෙවැනි අවස්ථාවන් සලසා දීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. දේශීය විදේශීය සංචාරයින් උදෙසා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස සීගිරිය ප්‍රවර්ධය කිරීමට මෙමගින් මනා පිටුබලයක් ලැබේ. එසේම විදේශිකයන්ගේ ආකර්ශණය දිනාගත් තවත් සිථාන නැරඹීමට මෙවැනි අවස්ථාවන් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත් අද දින සීගිරිය මත හිරු උදාව නැරඹීමට පැමිණි විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ප්‍රකාශ කලහ.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ද විදේශීය සංචාරකයින්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වුණී.