සූර්ය උදානය බක්මහ උළෙල 2023 !

අප්‍රේල් 24th, 2023

බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කළ 2023 සූර්ය උදානය බක්මහ උළෙල කොළඹ ගංගාරාම පෙදෙස Stanley Jansz ක්‍රීඩාංගනයේ දී අද (22) විචිත්‍රවත්ව පැවැත්විණි.

අවුරුදු ක්‍රීඩාවන්ට මුල්තැන දෙමින් තරඟ පැවැත්වූ අතර, බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු හා අමාත්‍යාංශ නිලධාරිහු සහ ඔවුන්ගේ පවුල්වල සමාජීකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.