හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රීය…..

පෙබරවාරි 20th, 2023

දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවිඳුන් ලොවට විදහා දැක්වු දිනය මහා ශිව රාත්‍රීය ලෙස සැලකනු  ලැබේ.

හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, කළුතර ශ්‍රී කදිර්වේලායුද ස්වාමි කෝවිල සමඟ එක්ව මහා සිවරාත්‍රි ආශීර්වාද පූජෝත්සවය එම කෝවිල් භූමියේ දී මහත් භක්තියෙන් පසු ගිය (18) දා සමරනු ලැබුණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ඇතුළු ආයතන ප්‍රධානීන් මේ සඳහා සහභාගී විය.

අපි සිද්ධස්ථාන තුළ දෙවියන් සොයා යනවාට වඩා, දෙවියන් අපේ හදවතට වැඩමකරවා ඊර්ෂාව, වෛරය, ක්‍රොධය දුරලා මනුස්සකම හදවතේ තැන්පත් කර ගතහොත් දෙවියන්ගේ ආශීර්වාදය අපිට ලබාගන්න පුළුවණි. අළුතින් අපි හිතන්නට පුරුදු වුණොත්, අපේ දරුවන්ට අළුත් රටක්, මේ අපේ රට කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන් රටක්, දෙවියන් එක්ක ජීවත්වන මිනිසුන් ඉන්න රටක් හදන්නට අද මහා ශිව රාත්‍රී දිනයේ අපි අදිටන් කර ගනිමු යැයි අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ ‌කරන ලදී.

ගරුතර ස්වාමීන්වහන්සේලා, කුරුක්කල්තුමා, මවුලවිතුමා, කෝවිල් කාරකසභාප්‍රධානීන්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමන්, දරුවන් දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.