
නව රාත්‍රී පූජාව ඇරඹේ…
ඔක්තෝබර් 15th, 2023නව රාත්‍රී පූජාවේ පළමු දින දුර්ගා මෑණියන් උදෙසා ආගමික වතාවත් සිදු කර පූජාවන් පැවැත්වීම හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දී අද (15) සිදු කෙරිණි.
නව රාත්‍රී පූජාවේ පළමු දින තුන දුර්ගා මෑණියන්ට වෙන් වන අතර, දෙවන දින තුන ලක්ෂ්මී දෙවඟනට වෙන් කරයි.එසේම අවසන් දින තුන සරස්වතී දෙවඟන වෙනුවෙන් වෙන් කෙරෙන අතර, විජය දශමී හෙවත් දසවන දිනයේ විශ්ව මාතා පූජා පවත්වනු ලබයි. එලෙසම නව දුර්ගා දෙවඟනන් හෙවත් දුර්ගා මෑණියන්ගේ ස්වරූප නවයටද මේ දින නමයේදී පූජා පවත්වනු ලබයි.
මෙම අවස්ථාව සඳහා එල්.ජෙනදීෂ කුරුක්කල්තුමා,රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වයි.අනිරුත්නන්,හිටපු අධ්‍යක්ෂ එස්.ලේලෛයි නඩරාජා යන මහත්වරු සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිලධාරිහු මෙම අවස්ථාවට එක්වුහ.