2025 ක්ලීන් ශ්‍රී ලංකා ඇරබෙයි
ජනවාරි 1st, 2025පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසිදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරබන “ක්ලීන් ශ්‍රී ලංකා“ වැඩ සටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අද සිදුවුනි.
මෙම ජාතික වැඩසටහන සියළු අමාත්‍යාංශවල ප්‍රධානීන්ගේ මාර්ගයෙන් රජකාරි ආරම්භ කිරීමට නිකුත් කර තිබූ චක්රලේඛණයට අනුව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංයේදී එම වැඩසටහන ඉතාම සාර්ථකව සිදු කෙරුණි. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, නියෝජ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් නිමල් රත්නායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්. ආර්.එම්.පී. රත්නායක, අතිරේක ලේකම් (පාලන) නාලිකා ගුණරත්න, අතිරේක ලේකම් (සංවර්ධන) සමන්ති ඩී නාගහතැන්න, අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එන් කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු. අමාත්‍යාංශයේ සියලු කාර්ය මණ්ඩලය. සහභාගි වූ අවස්ථාව. …