
ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුතු නිර්මාණශීලී සාරධර්ම සපිරි සංස්කෘතික පුරවැසියෙකු නිර්මාණය කිරීමේ කතිකාවත
ජනවාරි 30th, 2023ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුතු නිර්මාණශීලී සාරධර්ම සපිරි සංස්කෘතික පුරවැසියෙකු නිර්මාණය කිරීමේ කතිකාවතක් බත්තරමුල්ල, සංස්කෘතික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගිය(25) දා පැවැත්වුණි.
අමාත්‍යංශය යටතේ පවතින අනෙකුත් ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම කතිකාවතේ දී මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් විවිධ අදහස් දක්වනු ලැබූහ. මෙහි දී වර්තමානයේ දී අපේ රටේ සංස්කාතික හර පද්ධතිය අන්තර් ජාල සම්බන්ධ විවිධ සන්නිවේදන ක්‍රම ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ විනාශ වෙමින් පවතින ආකාරය පිළිබඳවත් ඒවාට මුහුණ දීමේ දී ඇති වී තිබෙන බාධා පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, ඒ වෙනුවෙන් අමාත්‍යංශය සහ අදාල අනෙකුත් ආයතනයන් හී ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ආයතන ප්‍රධානීන් අදහස් ප්‍රකාශ කරනු ලැබූහ. මේ අතර ප්‍රාසාංගික ඉදිපත් කිරීම් කිහිපයකින් ද මෙම අවස්ථාව හැඩගැන්වුණි. එහි දී සියළු දෙනා දැක් වූ අදහස් සම්බන්ධයෙන් අමාත්‍යතුමා සිය අවධානය යොමු කරණු ලැබීය.
මෙම කතිකාවත සඳහා අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය යටතේ පවතින අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.