
75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මහනුවර දී විශේෂ ආගමික වතාවත් ….
පෙබරවාරි 6th, 2023ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, පසුගිය (පෙබරවාරි 02) දා ඓතිහාසික දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ විෂයෙහි, විශේෂ පූජා පවත්වමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ආගමික වතාවත් සිදුකරන ලදී. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතුමන් ද මෙම විශේෂ ආගමික පූජාවන් සඳහා සහභාගී වෙමින් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා ගත්තේය.
ඉන් අනතරුව එදින(02) රාත්‍රී වික්ටෝරියා වේල්ල පරිශ්‍රයේ දී පැවති සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව සඳහා ද සියළු දෙනා සහභාගී විිය අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබුි. පිරිත් මණ්ඩපය වෙත සධාතුක කරඬු වහන්සේ වැඩම කරවූ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතුමන් දැහැත් වට්ටි පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළ අතර, පිරිත් සජ්ජායනය ආරම්භ කිරීමට මත්තෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් චිරාගත සම්ප්‍රදායාණුකූලව පිරිත් මණ්ඩපය තුළ පොල්තෙල් පහන් දල්වා පූජා කටයුතු සිදුකරනු ලදී.
ඓතිහාසික දළදා මාලිගාවේ සහ වික්ටෝරියා වේල්ල පරිශ්‍රයේ පැවැත්වුණු මෙම විශේෂ ආගමික වතාවත් සදහා, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මැතිතුමන්ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමන්, ආයතන ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි .