“Path to Freedom” 75 වන නිදහස් සැමරුම් ප්‍රදර්ශණය

පෙබරවාරි 7th, 2023

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැං කි-මූන් මහතා (Mr. Ban Ki-moon) ඇතුළු විදේශ දූත පිරිසක් “Path to Freedom” 75 වන නිදහස් සැමරුම් ප්‍රදර්ශණය නැරඹීමට පසුගිය (06) දා පැමිණියහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් Ban Ki-moon මහතා දැඩි අවධානයෙන් සහ උනන්දුවෙන් ජාතික කෞතුකාගාරය සහ මෙම ප්‍රදර්ශනයයේ සියළුම ඓතිහාසික පුරාවස්තූන්, ලිපිලේඛණ නරඹන ලදි. මෙම ප්‍රදර්ශණය පිලිබඳව සියළු දෙනා වෙත එතුමන් ප්‍රශන්සා කරනු ලැබූ අතර සමරු සටහනක්ද තබනු ලැබුහ. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ගේ පූර්ණ උපදෙස් මත සහ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය මෙම මස 10 දා දක්වා උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා ජාතික කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතයි.