
බුද්ධ ධර්මයට, බුද්ධ ශාසනයට එරෙහිව එල්ල වන අභියෝග ජය ගන්නට අවශ්‍ය සියළු ක්‍රියා මාර්ග ගනීමට තීරණ…
ජූනි 21st, 2023පසුගිය දා බලපිටිය, කප්පින්න වලව්ව ප්‍රාචීන භික්ෂූ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මේ බව සඳහන් කරන ලදී.
ගම්පෙරලිය චිත්‍රපටය සහ ටෙලි නාට්‍යයේ මහ ගෙදර නමින් ජනාදරයට පත්වූ බලපිටියේ මහ කප්පින්න වලව්ව, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල පසු ගිය දා (17) විවෘත්ත කරන ලදී. ගෝමරංකඩවල මහානායක පූජ්‍ය ආනන්ද ස්ථවීරයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවති මෙම දෙමහල් ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ වැඩසටහන අමරපුර නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී කප්පින්න වලව්ව ප්‍රාචීන භික්ෂූ විශ්ව විද්‍යාලයේ අංශභාර විහාරාධිපති පූජ්‍ය සිරි සීවලී ස්ථවීරයන් වහන්සේගේ උපදෙස් සහ අනුශාසනා පරිදි සියළු කටයුතු සිදු කරන ලදී.
මෙම අවස්ථාවේ දී රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට දායකත්වය දැක් වූ එච්. ධර්මසිරි ද සිල්වා මැතිතුමන් එම මැතිනිය ඇතුළු සියළු දෙනාටත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් ඇතුළු ආරක්ෂක අංශ, සිවිල් ආරක්ෂක අංශ ඇතුළු සියළු දෙනා වෙත සිය ගෞරවනීය උපහාරය පුදකරනු ලදී.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමා,
අපි මිනිසුන් හැටියට ඉපදිලා මිනිසුන් හැටියට ජීවත්වෙලා මිනිසුන් හැටියට මෙලොවින් සමුගන්නා බවත්, වර්තමානයේ අපේ රට මුහුණපා ඇති ප්‍රශ්න බොහෝමයකට හේතුව අපි එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය නැතිකමත් ගෞරවයක් නොමැති කමත් නිසා ඇති වී තිබෙන ප්‍රශ්න බවත්, අපේ ගෞරවනීය මහා සංඝරත්නය නොමැතිනම් අපේ සංස්කෘතිය වේවා, බෞද්ධ දර්ශණය වේවා, අපේ රට වේවා, මීට වැඩිය බොහොම ව්‍යාකූල තත්වයකට පත්වන බවත් සඳහන් කළේය. පසුගිය සමයේ වෙහෙර විහාර තනන්නට ආරක්ෂා කරන්නට ගරුතර මහා සංඝරත්නය, ආරක්ෂක අංශ ඇතුළු සියළු දෙනාම විශාල වෙහෙසක් දරා කටයුතු කළ බවත් එදා කළ මෙහෙවර නිසා අද ඒවා ආරක්ෂා වී තිබෙන බවත් ඒ වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස සිය ගෞරව උපහාරය පුදකර සිටින බවත් පැවසුවේය.
යම් යම් ව්‍යාකූලතාවයන් හටගනිමින් තිබෙන මෙම අවස්ථාවේ රාජ්‍ය නීතියටත් බුද්ධ නීතියටත් අනුගත වෙමින් ජාති ආගම් වලින් තොරව රටේ මිනිසුන් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.බුද්ධ ධර්මයටත් බුද්ධ ශාසනයටත් එරෙහිව එල්ල වන අභියෝග ජය ගන්නට ජනතාව කුපිත නොවන ආකාරයෙන් අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියේය.
එච්.ඩී.ඩී.ඊ.එෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති එච්. ධර්මසිරි ද සිල්වා මැතිතුමන් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රධාන ප්‍රතිපාදන දායකත්වය ලබා දී තිබුණු අතර ආරක්ෂක අංශ බලධාරීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ දායකත්වය ද ලැබී තිබුණි. මෙම දෙමහල් ගොඩනැගිල්ල වෘත්තකිරීමේ කටයුතු සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්, දකුණේ ආඥාපතිතුමන්, ඇතුළු සම්භාවනීය අමුත්තන් ද ප්‍රදේශවාසී ගිහි පින්වතුන් ඇතුළු බොහෝ පිරිසක් ද පැමිණ සිටියහ.