
මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සකසන්න විධිමත් වැඩපිළිවෙලක් !
ජූලි 17th, 2023මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙම වසරේ සැප්තැම්බර් මස (10) පැවැත්වීමට නියමිත හෙයින් එහි කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු මහත්මිය එම දේවස්ථානය වෙත ගියහ.
මංගල්‍යයට පැමිණෙන වන්දනාකරුවන්ගේ යටිතල පහසුකම් සම්පාදනය කිරීම ඇතුලු සංවිධාන කටයුතු සිදු කළ යුතු ආකාර පිළිබඳව මූලික රැස්වීම දී දකුණු පළාත් කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු චාල්ස් හේවාවසම් පියතුමා, මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථාන පාලක මයිකල් කොලින් පියතුමා ඇතුළු පියතුමන්ලා හා පැවදි සොයුරියෝ සමඟ සාකච්ඡා කළහ.
මාතර දිස්ත්‍රික් ලේකම්, මාතර ප්‍රාදේශීය ලේකම් ඇතුලු සෞඛ්‍ය, ආරක්ෂක,ප්‍රවාහන, ජල,විදුලි ආදී ක්ෂේත්‍ර, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව මෙම සාකච්ඡාව සිදුවිණි. මංගල්‍යය සඳහා සියලු ම ආයතන පූර්ණ දායකත්වය ලබා දීමට එකඟත්වය පළ කළ අතර ඒ පිළිබඳව අමාත්‍යවරයා සිය ස්තුතිය එහිදී ඔවුන් වෙත පුද කළේ ය.