පුරාවිද්‍යාව නංවන්න නව වැඩපිළිවෙලක් …
මැයි 27th, 2024බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්ය මණ්ඩල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උරුම ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.
බස්නාහිර පළාතේ සිදු කිරීමට නියමිත පුරාවිද්‍යා සැලසුම්, ක්ෂේත්‍ර ගැටලු සහ ගැටලුවලට පිළියම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එසේම ක්ෂේත්රයේ රාජකාරී කටයුතු සිදු කිරීමේදී බස්නාහිර පළාත් පුරාවිද්‍යා නිලධාරීන් හට පවතින ගැටලු පිලබඳව ද මෙහිදී අවධානය යොමු විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ.ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, සුජීවා පල්ලියගුරු, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, බස්නාහිර පළාත් පුරාවිද්‍යා නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
