එළඹෙන නත්තල් දිනය නිමිති කරගනිමින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් තැපැල් මුද්දර නිකුත් කිරීමේ වැඩසටහන.

දෙසැම්බර් 8th, 2022

එළඹෙන නත්තල් දිනය නිමිති කරගනිමින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් තැපැල් මුද්දර නිකුත් කිරීමේ වැඩසටහන.

මෙම මුද්දර සඳහා චිත්‍ර තෝරාගැනීම, වාර්ෂිකව පාසල් ළමුන් අතර චිත්‍ර තරඟ පවත්වා හොඳම චිත්‍ර අතුරින් තෝරාගනු ලබන අතර එම තරඟ අංශ ජයග්‍රාහකයින් ද සම්බන්ධ කරගනිමින්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කරනු ලබයි.

සෙත්සිරිපාය, සංස්කෘතික කටයුතු ශ්‍රවණාගාරයේ දී පැවති මෙම මුද්දර නිකුත් කිරීමේ වැඩසටහන සඳහා මහා සංඝරත්නය, කතෝලික ජන සන්නිවේදනය පිළිබඳ ජාතික අධ්‍යක්ෂ ගරු පියතුමන්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් ගරු දේවගැතිතුමන් ඇතුළු විවිධ කොමිසම් හී විවිධ තනතුරු දරණ විවිධ නිකායන් හී පියතුමන්ලා, අන්‍ය ආගමික පූජකතුමන්ලා බොහෝ පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වුහ.

ජනමාධ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමන් සහ අමාත්‍යංශ ලේකම්තුමන්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්තුමන්, අතිරේක ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් ද, තැපැල්පති රංජිත් ආරියරතන් මහතා ඇතුළු ආයතන ප්‍රධානීන්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඇතුළු ආයතන නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. එසේම චිත්‍ර තරඟ අංශයන්හී ජයග්‍රහණය කළ දරුදැරියන් දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ද මේ සඳහා සහභාගී විය.