
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කරමින්, සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් සාකච්ඡාවක්…
ජූනි 19th, 2023දෙරට අතර අද දින (19) පැවති මෙම සාකච්ඡාවේ දී, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ඒ මගින් මෙරටෙහි සංචාරක ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් අමාත්‍යතුමාගේ වැඩි අවධානයක් යොමු විිය. එසේම ඉරානය සහ ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් සිනමා උළෙලක් මෙන්ම සංස්කෘතික උළෙලක් පැවැත්වීමටත් යෝජනා ඉදිරිපත් වුණි. තවද ඉරානයේ, ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් අමාත්‍යතුමා විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබු අතර ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය නැරඹීම සඳහා ද ඇරයුම් ලැබුණි.
මෙම සාකච්ඡාව සඳහා ඉරාන තානාපති කාර්යාලය නියෝජනය කරමින්, Dr. B. Moazami Goodarzi මහතා සහභාගී වූ අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් ද සහභාගී වූූහ.