
හදවත් පිරිසිදු කිරීමක් මීගමුවේදී
අගෝස්තු 2nd, 2023“ආගමෙන් ජාතියෙන් ආදරයට වෙනවද සීමා අධ්‍යාපනික ප්‍රදර්ශනය“ බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු හා ඉස්ලාම් ආගම් අදහන දරුවන් සම්බන්ධ කර ගනිමින් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ දී අද (30) පැවැත්විණි.
සර්ව ආගමික හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
සියළුම ආගම් නියෝජනය කරමින් දරුවන් 500කට අධික පිරිසක් මෙම වැඩසටහනට එක් වූ අතර ඔවුන් සඳහා සර්ව ආගමික ඉගැන්වීම්,වැඩමුළුවක් හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ද මෙහිදී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ක්‍රිස්තියානි කටයුතු දොපාර්තුවේ පූර්ණ සංවිධානයෙන් බෞද්ධ,ඉස්ලාම් හා හින්දු කටයුතු දොපාර්තමේන්තු,හා සෙත් සරණ ආයතනයන්වල සහායෙන් වැඩසටහන සාර්තකව සිදුකෙරිණි.