දරුවන්ගේ කලා කුලසතා ඔප් නංවන්න නව වේදිකාවක්….

අගෝස්තු 8th, 2023

දරුවන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීමේ අරමුණෙන් පවත්වන ලද “ තීර්ථ කතන්දර කීමේ වේදිකාව“ නම් වැඩසටහනක් කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ තීර්ථ ජාත්‍යාන්තර කලාකරුවන්ගේ එකතුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩ සටහන පැවැත්විණි.

දරුවන්ගේ කලා කුසලතාවන් වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරම් රැසක් මෙහිදී පැවැත්වූ අතර, ඒ සඳහා මඟපෙන්වීම වෙනුවෙන් විද්වත් ඇඳුරු මඩුල්ලක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.