
දහම් පාසල් සිසුන් සඳහා නව මෘදුකාංගයක්…
අගෝස්තු 15th, 2023සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන දහම් පාසල් දිනය සැමරීමේ ජාතික වැඩසටහන කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
128 වැනි සමස්ත ලංකා දහම් පාසල් දිනය සැමරුම් ජාතික මහෝත්සවයට සමගාමීව DHAMMA SCHOOL නමින් APP (මෘදුකාංගයක්) හදුන්වා දුන් අතර,ඉදිරියේ දී දහම් පාසල් අංශයෙන් සිදුකරන දැනුවත් කිරීම් DHAMMA SCHOOL APP මෘදුකාංගය මඟින් සිදුකරන බැවින් මේ පිළිබඳව සියලුම තොරතුරු පිළිබඳව දැනුම්වත් කිරීමක් ද එහි දී සිදු කෙරිණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති,ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාද්‍යාය,වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමින් වහන්සේ,ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති අත්තනගල්ල රාජ මහා විහාරාධිපති ආචාර්යය පූජ්‍ය පන්විල ආනන්ද ස්වාමින් වහන්සේ,ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේකඛාධිකාරී විජයවර්ධන ශ්‍රි මහා විහාරාධිපති, පුජ්‍ය තෝරපිටියේ ආනන්ද ස්වාමින් වහන්සේ,ඇතුළු මහා සංඝරත්නය,
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ.පී.සිරිබද්දන, බෞද්ධ කටයුතු කොමසාරිස් (දහම් පාසල්) වසන්ත ලියනගේ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ,ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම්(ඉඩම්) රුචිර විතානගේ යන මහත්වරු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු,දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.