
ගමිපොළ මහාමායා සීලමාතා අධ්‍යාපන ආයතනයට වසර 10 ක් සපිරේ.
අගෝස්තු 22nd, 2023වර්ෂ 2013 ජනවාරි මස 22 වන දින ගම්පොළ, හොඩියාදෙණිය ගමමැද පුරාණ ආරාමයේදී ආරම්භ කරන ලද මාහාමායා අධ්‍යාපන ආයතනය සිය 10 වන සංවත්සර සැමරුම කොළඹ 07 බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය දා සිදු කරනු ලැබුවා. (2023.08.17)
ඊට සමගාමීව මාහාමායා අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාශිත, සංජානනී නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයේ මංගල කලාපය එළිදැක්වීම, මහාමායා පිරිවෙන් ගීතය ජනගත කිරීම, මූලික පිරිවෙන් අවසාන විභාගය හා ප්‍රාචීන විභාග වලින් විශිෂ්ඨ සාමාර්ථ ලද ශිෂ්‍ය මෙහෙණිවරුන්ට සහතික පිරිනැමීම ද මෙහි දී සිදු කරණු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ගමිපොළ මහාමායා සීලමාතා අධ්‍යාපන ආයතනයේ සිල්මාතාවන්, වැඩිහිටියන්, දරු දැරියන්, ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහ අමාත්‍යංශ ප්‍රධානීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.