විල්ගම් වෙහෙර රජ මහා විහාරයේ චෛත්‍ය යළි පිළිසකර කෙරේ !

අගෝස්තු 23rd, 2023

ත්‍රිකුණාමලය විල්ගම් වෙහෙර රජ මහා විහාරයේ චෛත්‍ය සහ කොඩ් බැම්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ,සංරක්ෂණය කර යළි පිළිසකර කිරීමට කටයුතු කර තිබේ.

මෙම විහාරස්ථානය පරිශ්‍රය ආශ්‍රීතව පවතින නටඹුන් කැණීම් කර සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවත්,ඒ සම්බන්ධව අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී කටයුතු කළේ ය.

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ,ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.