රාජ්‍ය සාහිත්‍ය දේශනය !

අගෝස්තු 17th, 2023

රාජ්‍ය සාහිත්‍ය දේශනය සාහිත්‍යරත්න සම්මානලාභී ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ සූරීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ-07, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි මුඛ්‍ය දේශනය තුළනාත්මක සාහිත්‍ය ප්‍රවේශයකින් දෙමළ සම්භාව්‍ය සාහිත්‍යයේ තේමා පිළිබඳ හඳුන්වා දීම යන මැයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා හා ඉංශ්‍රීසි අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථීකාචාර්ය ස්වාමිනාදන් විමල් මහතා විසින් පවත්වන ලදි.

ප්‍රවීණ ගේය පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ උපදේශකත්වයෙන් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සංගීතවේදී ටී.එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි , විශාරද මිත්‍ර කපුගේ , විශාරද සුනීර සුමංග, විශාරද එරන්දි හේෂාණි, යන පිරිසගේ සහභාගිත්වයෙන් සංගීත රස සැදෑව රසදීපනී ප්‍රාසංගික ගී රස විමසුම වැඩසටහනක් ද මෙහිදී පැවැත්විණි.

බුුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන ,සහකාර අධ්‍යක්ෂ කසුන් සෙනෙවිරත්න, සහකාර අධ්‍යක්ෂ ප්‍රසාද් චන්දන,ශ්‍රී ලංකා කලා මණඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර යන මහත්ම මහත්මිහු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමීව රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව රාජ්‍ය සාහිත්‍ය දේශනය මෙවර සංවිධානය කෙරිණි.