
කොළඹ ජාතික කෞතුකාගරය බලන්න පැමිණි නෙදර්ලන්ත සංස්කෘතික කටයුතු රාඡ්‍ය ලේකම්…
සැප්තැම්බර් 1st, 2023නෙදර්ලන්තය මෙරටට ලබාදීමට නියමිත ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගරයේ තැන්පත් කිරීමට නියමිත අතර, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එරට සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්යැ ලේකම් Gunay Uslu මහත්මිය ඇතුළු නිලධාරිහු පිරිසක් ජාතික කෞතුකාගරය වෙත පැමිණියහ.
වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් මෙරටට ලබා දීමෙන් පසු කොළඹ ජාතික කෞතුකාගරයේ තැන්පත් කිරීමට නියමිතය.
බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංකශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යෘක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.